අපනයන ආදායම සීග්‍ර වර්ධනයක්

News Express
1 Min Read

මෙම වසරේ මුල් මාස 4 තුළ අපනය ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 5.784 ක් දක්වා ඉහළ ගොස් ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පැවැසීය.

ඔහු ඒ බව පැවැසූවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (25) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී අදහස් දැක්වූ සභාපතිවරයා කියා සිටියේ ඉතිහාසයේ මුල් වතාවට අප්‍රේල් මාසයේ පමණක් අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1380 ක ප්‍රමාණයක් වාර්තාවී ඇති බවත් එය පසුගිය වසර සාපෙක්ෂව 6% කට ආසන්න කැපීපෙන වර්ධනයක් බවය.

විශේෂයෙන් මැදපෙරදිග යුද වාතාවරණයක් පවතින කලාපයේ පවතින තත්ත්වය සහ අනෙකුත් අභියෝග සමග සලකා බැලීමේදී ඉතාමත් කැපී පෙනෙන වර්ධනයක් බව මංගල විජේසිංහ මහතා පැවැසීය.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *