ආයතන සංග්‍රහයේ 27(10) යටතේත් අල්ලස් හෝ දූෂණ පනතේ 162වැනි වගන්තිය යටතේත් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට තවදුරටත් කැබිනට් අමාත්‍යධුරයක කටයුතු කිරීමට නොහැකි නිසා ඔහු වහාම බලශක්ති අමාත්‍යධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා ක්‍රියා කළ යුතු බවත් ඔහු ඉවත් කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අවධාරණය කරනවා.
ආයතන සංග්‍රහයේ 27(10) යටතේ රජයේ නිලධාරයෙකුට විරුද්ධව අධිකරණයකදී අල්ලස් හෝ දූෂණ නඩුවක් නොමැතිනම් අපරාධ නඩුවත් ගොනුකර තිබෙන අවස්ථාවකදී ඔහුට එම තනතුරෙහි තවදුරටත් කටයුතු කිරීමට නොහැකි බව සඳහන් වන බවයි මන්ත්‍රීවරයා විසින් පෙන්වා දෙනු ලබන්නේ.
අල්ලස් හෝ දූෂණ පනතේ 162වැනි වගන්තිය යටතේ රාජ්‍ය නිලධාරියෙකු කවුරුන් දැයි අර්ථ දක්වා තිබෙන බවත් ජනාධිපති, අගමැති, කැබිනට් අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, අධිකරණ විනිසුරුවරුන් ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරින් ඊට අයත් බවත් එහි දැක්වෙන බවද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා විසින් පෙන්වා දෙනු ලබනවා.
බලශක්ති අමාත්‍ය කුමාර ජය කොඩි මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් මහාධිකරණයේ නඩු පවරා ඇති නිසා ඔහුට තවදුරටත් කැබිනට් මණ්ඩලයේ කටයුතු කළ නොහැකි බවත් ඒ අනුව ඔහු වහාම කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගතයුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කරනවා.
මෙම කරුණු අනුව බලශක්තිය අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු නොකළොත් ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට විරුද්ධ පක්ෂය කටයුතු කරන බවද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
