ආණ්ඩුවෙ අය එදා නම් කිව්වෙ රට හදන්න මොකටද TIN නම්බරයක් කියලා’- නාමල්

News Express
2 Min Read

ආණ්ඩුවේ උදවිය බලයට එන්න පෙර පැවසුවේ රට හදන්න ටින් අංකයක් අවශ්‍ය නොවන බව වුවත් අද පවසන්නේ ටින් අංකය නැත්තම් හිරේ දමන බවත් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ, අද (මැයි 20) පාර්ලිමේන්තුවේදී ය.

මන්ත්‍රීවරයා පැවසුවේ, “බහුතරයක් ඉන්න අය ඔබතුමන්ලා ටින් අංකම දාලා හිරේ දාලා බෙල්ල මිරිකලා ව්‍යාපාරිකයෝ ව්‍යවසායකයෝ අනාථ කරලා ගන්න බදු සල්ලි තමයි මේ ඔබතුමන්ලාගේ හැකර්ලා මේ හොරකම් කරන්නේ” යනුවෙනි.

මන්ත්‍රීවරයා මෙසේද කීය.

“දැන් මේ රාජ්‍ය ආදායම ගැන බොහෝ දෙනා කතා කරා. බදු වැඩි කරලා අසීමිත විදියට බදු වැඩි කරලා අර ලක්ෂ දොළහට කාර් එකක් ගන්න හිටපු තරුණයන්ටත් සීයට පනහක බද්දක් ගහලා අසීමිත විදියට බද්ධ වැඩි කරලා දැන් කියනවා ටින් නම්බරේ නැත්නම් නඩු දානවලු. මාස හයක් හිරේ දානවා ටින් නම්බරේ නැත්නම් දැන් මෙතුමන්ලා බලයට එන්න කලින් මේ ටින් නම්බරය ගැන සමාජයේ කතිකාවක් හැදෙන කොට ආණ්ඩුව ප්‍රතිපත්තියක් විදියට ඒක ක්‍රියාත්මක කරන්න ලෑස්ති වෙනකොට මොකක්ද මෙතුමන්ලා කිව්වේ ටින් නම්බර් ඕනේ නෑ කිව්වා රට හදන්න හැබැයි දැන් බලයට ආවට පස්සේ මොකක්ද කියන්නේ ටින් නම්බරේ නැත්තම් හිරේ දානවලු. ඔබතුමන්ලාට මේක තේරෙන්නේ නැහැ.

බහුතරයක් ඉන්න අය ඔබතුමන්ලා ටින් අංකම දාලා හිරේ දාලා බෙල්ල මිරිකලා ව්‍යාපාරිකයෝ ව්‍යවසායකයෝ අනාථ කරලා ගන්න බදු සල්ලි තමයි මේ ඔබතුමන්ලාගේ හැකර්ලා මේ හොරකම් කරන්නේ. දන්නේ නැහැ.ඔව් මම ගෙවලා තියෙන්නේ ඔයාලගේ අය මාස ගානක් තිස්සේ හොයනවා ඒ නිසා කරුණු නියෝජ්‍ය කතානායකතුමනි ජීවිතයට බදු ගෙවල නැති කෑ ගහනකොට ඒ අයට තේරෙන්නේ නෑ මේ රටේ සාමාන්‍ය ජනතාවට මේකේ තියෙන පීඩනය.ඉතින් සාමාන්‍ය ජනතාවට පීඩනය දාලා අනිත් පැත්තෙන් මොකක්ද කරන්නේ ආණ්ඩුව අසීමිත විදිහට බදද පටවනවා විතරක් නෙවෙයි යම්කිසි හෙයකින් ගෙවන්න බැරි වුණොත් තමන්ගේ සුපුරුදු න්‍යයාය පත්‍රය මර්ධනය ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා.”

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *