රටට අහිමි වූ ඇ. ඩොලර් ලක්ෂ 25 වගකීමෙන් මහ බැංකුව නිදහස්ද? – සජිත් ජනපතිගෙන් පිළිතුරක් ඉල්ලයි

News Express
1 Min Read

මහබැංකු අධිපතිවරයා විසින් විශේෂ පනතක් නිසා ස්වාධීන බැවින් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 25 සම්බන්ධයෙන් මහබැංකුව වගනොකියන බවට ප්‍රකාශයක් සිදු කරන බවත් මහබැංකු අධිපතිවරයා විසින් මෙහි වගකීම මුදල් අමාත්‍යාංශයට බැරකර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

මැයි 20 පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව කීවේ ය.

මේ ප්‍රකාශය සමග ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය එකඟ ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මහ බැංකුවට වගකීමක් නැද්දැයි ප්‍රශ්න කරන බවත් ඔහු සඳහන් කළේ ය.

මහ බැංකුව ස්වාධීන කිරීමේ පනත ගෙන එන විට වත්මන් ජනාධිපතිවරයා එයට විරුද්ධව ඡන්දය දුන් බවත් අද රජයේ පාලන තන්ත්‍රය යටතේ සිටින මහ බැංකු අධිපතිවරයා මෙවැනි ප්‍රකාශ සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසුවේ ය.

ඊට අමතරව මූල්‍ය හා ආර්ථික වශයෙන් රට අමාරු වී ඇති බවට මහබැංකු අධිපතිවරයා ප්‍රකාශ කරන නිසා මේ ගැන පැහැදිලි කළ යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේ ය.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *