ඉන්දුනීසියාවේ භූමිකම්පාවෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නැහැ – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

News Express
1 Min Read

අද (02) අලුයම නැගෙනහිර ඉන්දුනීසියාවේ ඇති වූ භූමිකම්පාවෙන් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි බලපෑමක් හෝ අනතුරක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පවසනවා.

අද උදෑසන ඉන්දුනීසියාවේ රික්ටර් මාපකයේ ඒකක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් ප්‍රබල භූමිකම්පාවක් සිදුවුණා.

එම භූකම්පනය හේතුවෙන් එහි අපිකේන්ද්‍රයේ සිට කිලෝමීටර් 1,000 ඇතුළත සුනාමි රළ ඇති විය හැකි බවට අනතුරු අඟවා තිබුණු අතර, හවායිහි පිහිටි පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කළේ, ඉන්දුනීසියාව, පිලිපීනය සහ මැලේසියාවේ වෙරළ තීර වෙත සුනාමි රළ පැමිණිය හැකි බවයි.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *