කෝටි අටහමාරක් වැරදි ගිණුමකට යවලා දැවැන්ත මූල්‍ය අක්‍රමිකතාවයක් ගැන දයාසිරිගෙන් හෙළිදරව්වක්

News Express
1 Min Read

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මුදල් ගෙවීමේදී රුපියල් කෝටි අට හමාරකට අධික මූල්‍ය අක්‍රමිකතාවයක් සිදුවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

චෙන්නායි ශාඛාවෙන් ඩුබායි අලෙවි නියෝජිත ආයතනයකට ගෙවිය යුතු වූ මාසික මුදලක් (2026 පෙබරවාරි මාසයේ) මෙලෙස වැරදීමකින් වෙනත් බැංකුවකට යොමු කර ඇති බවයි මන්ත්‍රීවරයා පවසා සිටියේ.

මෙම ගිණුම පවතින්නේ එමිරේට්ස් එන්.බී.ඩී පීජේසී බැංකුවේ බවත් නමුත් මුදල් වැරදීමකින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ චෙන්නායි ශාඛාව විසින් අදාළ මුදල් අබුඩාබි ඉස්ලාමීය බැංකු ගිණුමකට බැර කර ඇති බව‍යි මන්ත්‍රීවරයා පවසා සිටියේ.

ඩිරාම් නව ලක්ෂ හැත්ත හතරදහස් පනහක මුදලක් මෙලෙස වංචාවකට ලක්ව ඇති අතර එය රුපියල් කෝටි අට හමාරකට අධික ප්‍රමාණයක් බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

එම මුදල් එකතුකර ගැනීමට නොහැකිව මේ වනවිට විශාල අර්බුදයක් නිර්මාණය වි ඇති බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *