ලක්විජය බලාගාරය සඳහා ලංකා ගල්අඟුරු සමාගම විසින් ගල්අඟුරු මිලදී ගැනීමේ ක්රියාවලිය සහ 2025/2026 වාරය සඳහා ගල්අඟුරු ප්රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව එළිදක්වා තිබේ.
ඒ අනුව ශ්රී ලංකාවට ගල්අඟුරු සැපයීමේදී ප්රශ්නගත ට්රයිඩන්ට් සමාගම විසින් පැටවුම් වරායේ වාර්තා ලබාගත් පරීක්ෂණාගාරය බලපත්ර අහෝසි වූ එකක් බව විගණකාධිපතිවරයා විසින් මෙම විශේෂ විගණන වාර්තාවෙන් අනාවරණ කර තිබේ.
විගණකාධිපතිවරයා මෙම වාර්තාව ලබාදුන්නේ පාර්ලිමේන්තුවේ පොදු ව්යාපාර පිළිබඳ කාරක සභාව පසුගියදා ජාතික විගණන කාර්යාලයට කළ දැනුම්දීමකට අනුවය.
වාර්තාවෙන් වැඩිදුරටත් අනාවරණ වන්නේ ලංසු කැඳවීම සඳහා දැන්වීම් පළ කළ දිනය වනවිට, ටෙන්ඩරය හිමිවූ ට්රයිඩන්ඩ් සමාගම සිය ලියාපදිංචිය හෝ සම්පූර්ණ කර නොතිබූ බවයි.
2025 / 2026 වාරය සඳහා නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට ගල්අඟුරු මිලදී ගැනීමේදී එම ප්රසම්පාදනයෙහි මෙන්ම මිලදීගත් ගල්අඟුරු අපේක්ෂිත ප්රමිතියට නොතිබීම සම්බන්ධයෙන් පොදු ව්යාපාර පිළිබඳ කාරක සභාව විගණකාධිපතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා තිබුණි.
ඒ අනුව ලක්විජය බලාගාරය සඳහා ලංකා ගල්අඟුරු සමාගම විසින් ගල්අඟුරු මිලදී ගැනීමේ ක්රියාවලිය සහ 2025 / 2026 වාරය සඳහා ගල්අඟුරු ප්රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව, ජාතික විගණන කාර්යාලය මගින් මේ වනවිට නිකුත්කර තිබේ.
එහි දැක්වෙන්නේ, මෙම ප්රසම්පාදනයේදී ලංසු කැඳවීම සඳහා දැන්වීම් පළ කළ දිනය වනවිට ලියාපදිංචිය සම්පූර්ණ කරන ලද සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවීම සිදුකරන බව එම දැන්වීමේ පැහැදිලිව සඳහන් කර තිබූ බවය.
එසේවුවද එම දිනය වනවිට සම්පූර්ණ ලියාපදිංචි ගාස්තුව ගෙවා ලියාපදිංචිය තහවුරු කරනොගත් සැපයුම්කරුවන් තිදෙනෙකුටද ලංසු යැවීමට කටයුතු කර තිබූ අතර, මෙම ප්රසම්පාදනයට තෝරාගත් ට්රයිඩන්ට් සමාගම ද එදින වනවිට ලියාපදිංචිය තහවුරු කර නොතිබූ බව විගණකාධිපතිවරයා නිරීක්ෂණය කර තිබේ.
මිලදීගත් ගල්අඟුරු ලක්විජය බලාගාරයට උචිත ප්රමිතීන්ගෙන් සමන්විත වේදැයි පැටවුම් වරායේදී හා ගොඩබෑම් වරායේදී ස්වාධීන පරීක්ෂකයෙකු මගින් පරික්ෂාවකට ලක්කරනු ලබන අතර, පැටවුම් වරායේදී විකුණුම්කරු පත්කරන ලද Mitra SK South Africa හිමිකාරි සමාගමට අවශ්ය කරන ප්රමිතින්වලට යටත්ව ගල්අඟුරු සාම්පල පරික්ෂා කිරීම සඳහා ප්රතීතනතාවයක් නොතිබුණු බැවින් ඒ වෙනුවෙන් පරික්ෂණ වාර්තාව නිකුත් කිරීමට 2025 වසරේ දෙසැම්බර් 29 වැනි දින වනවිට බලපත්රය අවලංගු වූ PT Mitra SK Analisa Testama
