තිරිසන් සතුන්ට සිවුරු පෙරවීම අනුමත කරන්න බෑ – කස්සප හිමි

News Express
1 Min Read
සාම පා ගමන සඳහා එකඟ වුව ද, එය ලංකාවේ ථේරවාද බෞද්ධ සම්ප්රදාය අනුව පැවැත්වූයේ නම් වඩාත් සුදුසු බව පූජ්ය බලංගොඩ කස්සප හිමියන් පවසනවා.
මෙම සාම පාගමන සියලු පළාත් ආවරණය වන පරිදි සිදු කළ යුතුව තිබූ බවත්, බෞද්ධ ප්රබෝධයක් ඇති කළ යුත්තේ බෞද්ධයන් බහුල ප්රදේශවල නොව බෞද්ධයන් හීන ප්රදේශවල බවත් උන්වහන්සේ පෙන්වා දුන්නා.
ඒ අනුව, එය උතුරු හා නැගෙනහිර ප්රදේශවල ද පැවැත්විය යුතුව තිබූ බවයි ඊයේ (20) පැවති මාධ්ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කළේ.
බෞද්ධ ඉතිහාසයේ තිරිසන් සතුන් සමඟ පා ගමන් ගොස් ඇති බවක් අසා නොමැති බවත්, තිරිසන් සතුන්ට සිවුරු පෙරවීම අනුමත නොකරන බවත් උන්වහන්සේ ප්රකාශ කළා.
එලෙස සිදු කිරීමෙන් බුද්ධ චීවරයේ ඇති වටිනාකම හෑල්ලු වන බවයි පූජ්ය බලංගොඩ කස්සප හිමියන් වැඩිදුරටත් අවධාරණය කළේ.
Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *