කොළඹ ඇතුළු ජනාකීර්ණ ප්‍රදේශවල බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට පුද්ගලයෙකු සූදානම් වූ බවට සමාජ මාධ්‍ය සහ ඇතැම් වෙබ් අඩවිවල පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පවසනවා.
එවැනි කිසිදු සිදුවීමක් වාර්තා වී නොමැති බවයි අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
කංජිපානි ඉම්රාන් සමඟ සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයෙකු ත්‍රස්ත මර්දන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔහු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
