මවකට මහමඟදී අමානුෂික ප්‍රරහාරයක්

News Express
1 Min Read

සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක්වූ, මවකට මහමඟදී පිරිසක් විසින් අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 09 දෙනෙකු ගොකරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, පසුගිය අප්‍රේල් 16 වන දින ගොකරැල්ල, මැදලන්ද ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුව ඇති බවය.

එය වීඩියෝ ගත කළ පුද්ගලයෙකු විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමත් සමඟ සිද්ධිය පිළිබඳව රටේම අවධානය යොමු වුණි.

පහරදීම සිදුකිරීමෙන් අනතුරුව සැකකරුවන් ප්‍රදේශය හැර පලාගොස් සිටි ඇති අතර ගොකරැල්ල පොලීසිය මඟින් සිදුකළ පුළුල් විමර්ශනයකින් පසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඥාතීන් පිරිසක් අතර කලක සිට පවතින ආරවුලක් මෙම ගැටුමට මුල් වී ඇති බවය.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *