රයිස්, කොත්තු සහ තේ මිල ඉහළට

News Express
1 Min Read

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ගණන් ඉහළ නංවන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව, ප්ලේන් ටී (Plain Tea) කෝප්පයක් රුපියල් 5.00කින්, කිරි තේ කෝප්පයක් රුපියල් 5.00කින් සහ කෙටි කෑම (Short Eats) වර්ග රුපියල් 10.00කින් ඉහළ දමා තිබෙනවා.

මීට අමතරව ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 30.00කින් ඉහළ නැංවීමට තීරණය කළ බවයි එම සංගමය සඳහන් කළේ.

විදුලි ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් පවත්වාගෙන යාමේ පිරිවැය ඉහළ යාම නිසා මෙම තීරණය ගැනීමට සිදු වූ බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *