ලංකාවට තෙල් දෙන්න සුදානම්-ඉරාන තානාපති කියයි

News Express
1 Min Read

ශ්‍රී ලංකාව ඉල්ලීමක් සිදු කළහොත් ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමට ඉරානය සුදානම් බව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් පවසයි.

ඔහු මේ බව පැවසුවේ, අද (මාර්තු 23) මෙරට ඉරාන තානාපති කාර්යාලයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.

ශ්‍රී ලංකාව ඇතුළු මිත්‍ර රටවල යාත්‍රාවලට හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවේශ විය හැකි බව ත් ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමට ඉරානය සූදානම් බව තානාපතිවරයා සඳහන් කළේ ය.

ඔහු තවදුරටත් පැවසුවේ, ශ්‍රී ලංකාව කරදරයක වැටෙනු දැකීමට තම රටට අවශ්‍යතාවයක් නොමැති බව ත් ශ්‍රී ලංකාව ඉරානයට ඉතා ගෞරවනීය රටක් වන බව ත් ය.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *