ලාෆ්ස් ගෑස් භාවිතා කරන ආපනශාලාවල තේ, ෆ්‍රයිඩ් රයිස්, බුරියානි සහ නාසිගුරන් මිල ඉහළට

News Express
1 Min Read

අද (07) මධ්‍යම රාත්‍රියේ සිට ෆ්‍රයිඩ් රයිස් ඇතුළු ආහාර වර්ග කිහිපයක මිල ඉහළ දැමීමට තීරණය කළ බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව, ෆ්‍රයිඩ් රයිස්, බුරියානි සහ නාසිගුරන් යන ආහාරවල මිල රුපියල් 25කින් ඉහළ දැමීමට තීරණය කළ බවයි එම සංගමය සඳහන් කළේ.

ලාෆ්ස් ගෑස් භාවිතා කරමින් පවත්වාගෙන යන ආපනශාලාවල තේ කෝප්පයක් රුපියල් 05කින් සහ කිරි තේ එකක් රුපියල් 10කින් ඉහළ නංවා ඇති බව ද ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් ප්‍රකාශ කළා.

කෙටි ආහාර වර්ග ද රුපියල් 5කින් ඉහළ නංවා ඇති අතර, බිත්තර රොටි සහ පරාටාවල මිලෙහි වෙනසක් සිදු නොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *