ආන්දෝලනාත්මක ගල්අඟුරු ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ විගණකාධිපති වාර්තාවේ අඩංගු ඇතැම් කරුණු සහ දත්ත පිළිගත නොහැකි බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
ඊයේ (20) රාත්‍රියේ රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙම ගනුදෙනුව තුළ කිසිදු වංචාවක් සිදුව නොමැති බව රජයේ ස්ථාවරය බවත්, විගණකාධිපති වාර්තාව මගින් සිදුකර ඇත්තේ විය හැකි තත්ත්වයන් පිළිබඳ කරුණු දැක්වීමක් පමණක් බවත් ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය. අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසි ක්‍රමවේදයට අනුකූලව සිදුව ඇති බව රජය විශ්වාස කරන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය
එහිදී අදහස් දැක්වූ අමාත්‍ය වසන්ත සමරසිංහ මෙසේ සඳහන් කළේය .
”ඒ නිසා මේ සිදුවීම ඇතුළේ කිසිදු වංචාවක් සිද්ධ වෙලා නැහැ කියන එක තමයි ආණ්ඩුවේ ස්ථාවරය. ඒක මමත්, අපේ ඇමතිවරු කියන්නෙත් ඒ කතාවම තමයි. එතකොට ඒ වංචාවක් වෙලා නැති වටපිටාවක් ඇතුලේ පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයක් ගේනවා.. ආණ්ඩුව බහුතරයෙන් දිනනවා කියන එක කොහොමත් අපි දන්නවා. ඒක අපේක්ෂිත තත්වයක්.. ඉතාම පැහැදිලියි ආණ්ඩුවේ ස්ථාවරය විතරක් නෙමෙයි මේ සිදුවෙන ක්‍රියාවලිය ඇතුලේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරපු ක්‍රමවේද ඇතුලේ කිසිඳු අඩුවක් වෙලා තියෙනවා කියන එක අපි විශ්වාස කරන්නේ නැහැ.
එතකොට විගණකාධිපතිවරයා, විගණකාධිපතිනියගේ වාර්තාව එහෙමනම් කියන්න ඕන, මෙන්න මේ ප්‍රසම්පාදන කොමිසම, නැත්නම් ප්‍රසම්පාදන කොන්දේසි යටතේ මේ ලියාපදිංචිය, මෙන්න මේ වෙලාවේ සිද්ධ වෙලා තිබුනේ නැහැ කියලා.. ඒ නිසා තමයි මෙය අදාළ නැත්තේ කියලා කියන්න ඕන. ප්‍රසම්පාදන කොමිෂන් එක 2025 අගෝස්තු මාසේ ලියපු ලියුම තියනවා..
විගණකාධිපති වාර්තාවේ ඒ අදාළ ඉදිරිපත් කිරීම වැරදියි.. බීඩර්ස්ලට ලියපු ලියුම තියෙනවා… මේ විගණකාධිපති වාර්තාව ඉදිරිපත් වෙන වෙලාව වෙනකොට 4980ක්නේ තැම්පතු දාලා තියෙන්නේ ඇයි 20ක් දාන්නේ ආපහු.. එයා එතකොට ඩොයුමන්ඩ් එක අරන්. ට්‍රාන්ස්සෙක්ශන් එක වෙනකොට තමා දන්නේ 20ක් අඩුයි කියලා.. හරියට මුදල් ගෙවලා නෑ කියන්නේ හදන්නේ ඒක නිසා…
මං මේ කියන්නේ ඒකයි. මේ සමහර වාර්තා ආපු විදිහත් මේවාගේ ඇතුලේ සමහර කරුණු එකතු වෙච්ච විදිහත් ගත්තහම ප්‍රශ්න තියෙනවා. විගණකාධිපති වාර්තාව වැරදියි කියන එක නෙමේ මේ කියන්නේ.. ඒකේ තියෙන සමහර කරුණු, කොටස් වැරදියි කියලා”
