වී අලෙවි මණ්ඩලය සතු වී තොග අලෙවි කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
වී අලෙවි මණ්ඩලය සතුව ගොවීන්ගෙන් මිලදී ගන්නා ලද වී තොග මෙට්‍රික්ටොන් 115,000කට ආසන්න ප්‍රමාණයක් ගබඩා කර ඇති අතර ඉදිරි යල කන්නයේ ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය ගබඩා ඉඩකඩ සහ අරමුදල් සලසා ගැනීම අරමුණු කරගනිමින් මෙම වී තොග අලෙවි කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව විධිමත් ටෙන්ඩර් ක්‍රමවේදය අනුගමනය කරමින් එම වී තොග අලෙවි කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.
