වෙසක් සමයේ සිසිල් බීම දන්සැල් වෙනුවට උණුසුම් පාන වර්ග පිරිනමන දන්සැල් සංවිධාන කිරීම දිරිමත් කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලා සිටිනවා.
සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මගින් ව්‍යාප්ත විය හැකි රෝග වැලඳීම සඳහා වැඩි ඉඩක් පවතින බැවින් මෙම ඉල්ලීම සිදුකරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පෙන්වා දෙන්නේ.
මේ දිනවල දිවයිනේ ඇතැම් ප්‍රදේශ වල පැතිරයන බෝවන රෝග තත්ත්වයන්ද සලකා මෙම ඉල්ලීම සිදුකෙරෙනවා.
