පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හබරාදූව, කොක්වත්ත ප්රදේශයේ නිවසකට අකුණු සැර වැදීමෙන් එහි සිටි කාන්තාවක මියගොස් තවත් කාන්තාවක් බරපතළ තුවාල ලබා තිබෙනවා.
මියගොස් ඇත්තේ හබරාදූව, කොක්වත්ත ප්රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණියක බවයි පොලිසිය සඳහන් කළේ.
ඔවුන් නිවසේ රැඳී සිටියදී අකුණු සැර වැදීමෙන් මෙම අනතුරට මුහුණ දී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ අනෙක් කාන්තාව වැඩිදුර ප්රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
