ඉන්ධන සම්බන්ධ ගැටලුව වත්මන් ආණ්ඩුවට සතියක් දරාගෙන සිටීමට නොහැකි වී ඇති බව, ශ්රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සංජීව එදිරිමාන්න පවසනවා.
ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව මෙම ඉන්ධන සම්බන්ධ ගැටලුව මාස 10 ක් දරා ගැනීමෙන් අනතුරුව, ජනතාවට ඉන් කොටසක් ලබාදීමට තීරණය කළ බවයි හිටපු මන්ත්රීවරයා ප්රකාශ කළේ.
ආණ්ඩුව සිදු කළේ කළුකඩ මුදලාලිලා සිදු කරන ක්රියාවක් හා සමාන ක්රියාවක් බවත්, සාපේක්ෂව අඩු මිලට ගෙනා ඉන්ධන වත්මන් රජය වැඩි කිරීමට කටයුතු කර ඇති බවත් ඔහු ප්රකාශ කළා.
