දැනට ගාල්ල ජාතික රෝහලේ ජංගම ශීතාගාර දෙකක තැන්පත් කර ඇති ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු 84, ඉරාන තානාපති කාර්යාලයේ නිලධාරීන්ට භාරදෙන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් සමීර දොඩන්ගොඩ විසින් ගාල්ල ජාතික රෝහල් අධ්‍යක්ෂවරයා වෙත අද (11) පෙරවරුවේ නියෝග කර තිබෙනවා.
ගාල්ල වරාය පොලිසිය විසින් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත කළ ඉල්ලීමක් අනුව, මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
