බදාදා දිනයේ පොදු ප්‍රවාහන සේවා සීමා කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති බදාදා නිවාඩු දිනය අනුව මෙම සීමා කිරීම සිදු කරන බවත්, දෛනිකව ධාවනය වන දුම්රිය හා මගී ප්‍රවාහන සේවා ද සීමා කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
