කොළඹ මැගසින් බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියකින් රැදවියෙකු මියයෑම සම්බන්ධයෙන් ජේලර්වරයෙකු සහ පාලිකාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී ගජනායක මහතා සදහන් කළේ සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් අදාළ විමර්ශනය ආරම්භ කර ඇති බවය.
ඊයේ (27) පෙරවරුවේ මැගසින් බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධියකින් බන්ධනාගාර රැදවියන් දෙදෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීවරයෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබුණි.
එහිදී එක් රැදවියෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
මත්ද්‍රව්‍ය චෝදනාවට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි 38 හැවිරිදි රැදවියෙකු මෙලෙස මියගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේය.
රැදවියන් දෙදෙනෙකු සිර මැදිරිවලින් පිටතට පැමිණ දිව යාමට උත්සහ කිරීමේ දී එය වළක්වාලීමට බන්ධනාගාර නියාමකවරයෙකු කටයුතු කර ඇති අතර එහිදී ඇතිවූ සිද්ධියකින් මොවුන් තුවාල ලබා ඇති බව ද වාර්තා වේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් බොරැල්ල පොලිසියට ද පැමිණිල්ලක් ලැබී ඇත.
ඒ අනුව බොරැල්ල පොලිසිය ද ඒ පිළිබද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.
