දුප්පතුන්ට තෙල් සහනාධාරයක් දෙන්න

News Express
1 Min Read

තෙල් මිලට සහනය ලබා දෙන විට ඉලක්කගතව සුදුස්සන්ට තෙල් සහනය ලබා දිය යුතු බවත් කෝටි ප්‍රකෝටිපතියන්ට උග්‍ර පොහොසතුන්ට තෙල් සහනාධාරය අවශ්‍ය නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මැදපන්තියේ සිට දුප්පත් පන්තිය දක්වා තෙල් සහනාධාරය ලබා දෙන්න රජය මුල පිරිය යුතු බවත් වැඩිම ප්‍රතිශතයකින් තෙල් මිල වැඩි කර ඇති නිසා මැතිවරණ පොරොන්දුවක් වූ තෙල් මිල අඩු කිරීමට රජය වහාම මැදිහත් විය යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරිම සඳහා පැවැති හමුවක් අමතමිනි.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *