ඉන්ධන බවුසරයක් සමග අයෙක් මාට්ටු

News Express
1 Min Read

විවිධ පුද්ගලයන්ට අලෙවි කිරීම සදහා නීති විරෝධී ලෙස ඉන්ධන බවුසරක් සන්තකයේ තබාගෙන සිටි ගෝනපොළ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය නිලධාරින් කණ්ඩායමක් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරගහහේන ප්‍ර දේශයේ පදිංචි   46 හැවිරිද පුද්ගලයෙකි.

සැකකරු රැස්කරගෙන තිබූ ඩීසල් ලීටර් 6752 ක් සහ පෙට්‍රල් ලීටර් 120 ක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරකට අනුව ආවේක්ෂණ නිලධාරීන් යොදවා කළ විමර්ශනවලන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *