අධ්‍යයන පොදු සහතික පත්‍ර (උ. පෙළ) – 2026 විභාගයට පෙනී සිටීම සඳහා වන අයැදුම් පත්‍ර කැඳවීම 2026.03.24 දින සිට 2026.04.24 දින දක්වා මාර්ගගතව සිදුකරන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය නිවේදනය කරයි.
ඒ අනුව සියලුම අයදුම්කරුවන්, මාර්ගගතව (Online) පමණක් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk – www.onlineexams.gov.lk/eic යන වෙබ් අඩවි වෙත පිවිස අදාල උපදෙස් අනුව නිවැරදිව මාර්ගගතව (Online) අයැදුම්පත්‍ර යොමු කළ යුතු බවද එම නිවේදනයේ සඳහන් වේ.
