උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට දේශීය කීරී සම්බා සහල් අලෙවි කිරීම සම්බන්ධව වරද පිළිගත් වෙළෙඳසල් හිමියෙකුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
ඒ මහර අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදීය.
මෙසේ දඩ මුදලක් නියම කරනු ලැබුවේ කඩවත, පහළ පාර ප්‍රදේශයේ පදිංචි වෙළෙඳසල් හිමියෙකුට ය.
දේශීය කීරි සම්බා සහල් කිලෝ එකක පාලන මිල රුපියල් 260 ක්ව තිබියදී එම ව්‍යාපාරිකයා විසින් සිය වෙළෙඳසලේ කීරී සම්බා සහල් කිලෝ එකක් රුපියල් 360 බැගින් අලෙවි කර තිබෙන බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා.
