කාලගුණයෙන් අවදානම් පණිවිඩයක්

News Express
1 Min Read

දිවයිනේ පළාත් හතරක් සහ දිස්ත්‍රික්ක කිහිපයකට අද (26) දිනයේ තද උණුසුම් තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් අනුරාධපුර, මන්නාරම, වවුනියාව සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කළයුතු” මට්ටමක පැවතිය හැකි බව එමදෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අදාළ ප්‍රදේශවල ජනතාවට ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසටත්, වැඩි වෙලාවක් සෙවණ ඇති ස්ථාන වල හැකි පමණ විවේකීව සිටින ලෙසටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *