ගල්අඟුරුවල ප්‍රමිතිය බලන්නේ, මං හෝ කවුරුන් හෝ කාලා හපලා නෙමෙයි – ජනපති

News Express
1 Min Read

ගල්අඟුරු ප්‍රමිතියේ ගැටලුවක් පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඊයේ (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, මෙය ටෙන්ඩර් පටිපාටියේ දෝෂයක් නොව අදාළ සමාගම විසින් නිසි ප්‍රමිතියෙන් යුතුව ගල්අඟුරු සැපයීමේදී ඇති වූ ගැටලුවක් පමණක් බවයි.

ගල්අඟුරු ප්‍රමිතියෙන් යුක්ත ද යන්න තීරණය කරන්නේ තමා හෝ වෙනත් අයකු එය ‘සපා’ බලා නොවන බවත්, ඒ සඳහා නියමිත පරීක්ෂණාගාර වාර්තා උපයෝගී කර ගන්නා බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු සැපයීම හේතුවෙන් අදාළ ගෙවීම්වලින් 20% ක් දැනටමත් අත්හිටුවා ඇති අතර, ඇතැම් නැව් සඳහා ගෙවිය යුතු 80% ක මුදල ද නොගෙවා ඇති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු නිසා විදුලි උත්පාදනය අඩාල වීම හේතුවෙන් ඩීසල් මඟින් විදුලිය නිපදවීමට වැය වන අමතර පිරිවැය අදාළ සැපයුම්කාර සමාගම්වලින් අය කර ගැනීමට කටයුතු කරන බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර සිටියා.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *