අවුරුදු උත්සව සඳහා විදුලිය ලබා දීමට විදුලිබල මණ්ඩලය සූදානම් – විජිත හේරත්

News Express
1 Min Read

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් රට පුරා පැවැත්වෙන උත්සව සඳහා අවශ්‍ය විදුලිය ලබා දීමට ලංකා විදුලිබල මණ්ඩලය සූදානම් බව අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ඊයේ (07) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, විදුලිබල මණ්ඩලයට අදාළ ගෙවීම් සිදු කර එම උත්සව සඳහා විදුලිය ලබා ගැනීමේ පහසුකම මේ වන විට සලසා දී ඇති බවයි.

ඒ අනුව එළඹෙන 15 වැනිදා සිට 19 වැනිදා දක්වා කාලය තුළ නියමිත ගෙවීම් සිදු කර අදාළ උත්සව සඳහා විදුලිය ලබා ගත හැකි බවයි අමාත්‍ය විජිත හේරත් වැඩිදුරටත් සඳහන් කළේ.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *