රජය විසින් ‘මෙට්‍රෝ සමාගම’ නමින් පිහිටුවා ඇති ආයතනය නීති උල්ලංඝනය කරමින් පිහිටුවීමට කටයුතු කර ඇති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.
බස්නාහිර පළාත තුළ බස් රථ ධාවනය කිරීමට නම් මාර්ග බලපත්‍ර ලබාගත යුත්තේ ටෙන්ඩර් ක්‍රමවේදයක් යටතේ වුවද, මෙම සමාගම සම්බන්ධයෙන් එවැනි පියවරක් අනුගමනය කර නොමැති බවයි අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ගැමුණු විජේරත්න සඳහන් කළේ.
පත්ල පහත් බස් රථ සේවාව ආරම්භ කිරීම පිළිබඳ සංගමයක් ලෙස විරුද්ධ නොවන නමුත්, රජය ඒ සඳහා අනුගමනය කරන ක්‍රමවේදය තුළ ගැටලු රැසක් පවතින බව ද ඔහු ප්‍රකාශ කළා.
වාහන ආනයනය ලිහිල් කිරීමත් සමඟ අලුතින් වාහන රැසක් ලියාපදිංචි කර ඇති අතර, මෙවැනි කුඩා රටක පවතින පටු මාර්ග පද්ධතිය තුළ දැනට පවතින බස් රථ පවා ධාවනය කරන්නේ දැඩි අසීරුතාවකින් බවත්, එවැනි පසුබිමක ජනතාවගේ මුදල් රජයට හිතුමනාපයට භාවිත කළ නොහැකි බවයි ගැමුණු විජේරත්න වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.
