මෙරටින් නිල වශයෙන් ආරම්භ වන සාමයේ පා ගමනට සුබපැතුම් -ජනාධිපති අනුර කුමාර දිසානායක-

News Express
1 Min Read

අද (21) මෙරටින් නිල වශයෙන් ආරම්භ වන ‘සාමයේ පා ගමන’ (Walk for Peace) වැඩසටහන සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සිය සුබපැතුම් එක් කර තිබෙනවා.

සියලු ජනතාව අතර සිහිබුද්ධිය, මෛත්‍රිය, එකමුතුකම සහ සමගිය ප්‍රවර්ධනය කරමින් ආරම්භ වන මෙම ‘සාමයේ පා ගමන’ සඳහා සිය සහයෝගය පළ කරන බවයි සිය X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

මෙම පූජනීය පා ගමන දඹුල්ලෙන් ආරම්භ වී, සර්වඥ ධාතූන් වහන්සේලා සහ බෝධි අංකුරයක් ද රැගෙන දිවයින පුරා ගමන් කරන අතරතුර, සාමය සහ කරුණාව වැනි සදාකාලික වටිනාකම් පිළිබඳ නැවත ආවර්ජනය කරන ලෙස සියලු ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කරන බව ජනාධිපතිවරයා එහි සඳහන් කර තිබෙනවා.

මෙම අධ්‍යාත්මික වැඩපිළිවෙළ ජාතික සමගිය ශක්තිමත් කිරීමටත්, ලෝක ප්‍රජාවට සාමය පිළිබඳ ගැඹුරු පණිවිඩයක් සන්නිවේදනය කිරීමටත් උපකාරී වනු ඇති බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *