ඒහිපස්සිකෝ සාම පාගමන අද යක්කලට

News Express
1 Min Read
ලොවටම සාමය පතා වියට්නාම ජාතික පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්රමුඛ භික්ෂූන් වහන්සේ 13 දෙනා සහාභාගීත්වයෙන් සිදුකරන “ඒහිපස්සිකෝ” සාම පාද යාත්රාව පස්වන දිනය වන අද දින සාම පා ගමන තෝලංගමුව ජාතික පාසලෙන් ආරම්භ වි යක්කල අබේසේකරාරාමය දක්වා වැඩම කරති.
සාම පාගමනේ සිවුවන දිනය වූ ඊයේ දින පා ගමනේ යෙදෙන භික්ෂූන්වහන්සේලා තෝලංගමුව ජාතික පාසල වෙත වැඩම කළහ.
තෝලංගමුවේ ජාතික පාසලෙන් ආරම්භ වන පා ගමන කජුගම, නිට්ටඹුව හරහා අද යක්කලට සැපත්වේ. හෙට දින ආරම්භ වන පා ගමන කැලණිය රාජමහා විහාරයට වැඩම කරවන අතර එහිදී විශ්ව විද්යාල සිසුන් සහ දහම්පාසල් දරුවන්ගේ සහභාගීත්වයෙන් විශේෂ ධර්ම සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *