දින 07 ක් පුරා මෙරටදී පැවැත්වුණු “ඒහි පස්සිකෝ” සාම පා ගමන අවසන් කරමින්, ඒ සඳහා සහභාගි වූ විදේශ රටවල සිට මෙරටට පැමිණි භික්ෂූන් වහන්සේලා ප්රමුඛ පිරිස අද (29) උදෑසන මෙරටින් පිටත්ව ගොස් තිබෙනවා.
ඒ අනුව, අමෙරිකාවේ වාසය කරන වියට්නාම ජාතික පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලා පිරිස සහ, ‘ආලෝකා’ සුනඛයා සහ තවත් ගිහි පිරිසක් අද උදෑසන 07.12 ට කටුනායක ගුවන්තොටුපොළෙන් තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව ගිය බවයි සඳහන් වන්නේ.
ඉන්පසු ඔවුන් එතැන් සිට වෙනත් ගුවන් යානයකින් අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතයි.
“ඒහි පස්සිකෝ” සාම පා ගමනේ සමාප්තිය සටහන් කරමින් පැවැත්වුණු රාජ්ය උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සහභාගිත්වයෙන් ඊයේ (28) පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්රයේදී පැවැත්වුණා.
