සාගරිකා දුම්රිය අනතුරට පත්වීමත් සමඟ, එහි සේවය කළ දුම්රිය එන්ජින් රියදුරන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සේවය අත්හිටුවීමට පියවර ගැනීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ ස්වාධීන වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඉන්දික දොඩම්ගොඩ සිය විරෝධය පළ කරනවා.
දුම්රිය පරිපාලනය මෙවැනි තත්ත්වයකට පත්වීම පිළිබඳ කණගාටුව පළ කරන බවත්, දුම්රිය පීලි පැනීමක් සම්බන්ධයෙන් මීට පෙර මෙවැනි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළා.
දුම්රිය පරිපාලනයේ පවතින අඩුපාඩු වසා ගැනීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවත්, මින් ඉදිරියට තාක්ෂණික අඩුපාඩු පවතින කිසිදු දුම්රියක් ධාවනය නොකිරීමට දුම්රිය එන්ජින් රියදුරන් තීරණය කර ඇති බවයි ඉන්දික දොඩම්ගොඩ වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.
