පවතින බලශක්ති ගැටලුව හේතුවෙන් මාලිමාවේ මැයි සැමරුම දිස්ත්‍රික්ක මට්ටමින් පැවැත්වීමට තීරණයක් -රත්න ගමගේ-

News Express
1 Min Read

පවතින බලශක්ති ගැටලුව සැලකිල්ලට ගෙන ජාතික ජන බලවේගයේ මෙවර මැයි දින රැළි දිස්ත්‍රික්ක මට්ටමින් පැවැත්වීමට තීරණය කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ පවසනවා.

බලශක්ති ගැටලුව සහ ඉන්ධන සපයා ගැනීමේ තත්ත්වය මත මැයි රැලිය කොළඹ නගරයේ පැවැත්වුවහොත් විශාල වාහන ප්‍රමාණයක් අගනුවරට පැමිණෙන බැවින්, රට පුරා මැයි රැළි 21 ක් පැවැත්වීමට නියමිත බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ඒ අනුව, ගාල්ල දිස්ත්‍රික්කයේ මැයි රැලිය ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, මේ ආකාරයෙන් සෑම දිස්ත්‍රික්කයකම මැයි රැළි සංවිධානය කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මෙවර ජාතික ජන බලවේගයේ මැයි රැළි සඳහා විශාල ජනතාවක් එක්වනු ඇති බවට බලාපොරොත්තු වන බවයි රත්න ගමගේ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *