ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල පහතට ගොස් තිබෙනවා.
ඒ, පාකිස්ථානය මැදිහත්කරුවෙකු ලෙස යොදා ගනිමින් ඉරානය අමෙරිකා එක්සත් ජනපදය සමග නැවත සාකච්ඡා ආරම්භ කිරීමට යෝජනා කර ඇති බවට ලැබුණු වාර්තාත් සමගයි.
ඒ අනුව ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොර තෙල් බැරලයක මිල සියයට 2.98 කින් පහළ ගොස් ඇති අතර, එහි මිල සටහන් වුණේ අමෙරිකානු ඩොලර් 101.94ක් ලෙසයි.
බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ද සියයට 2.02කින් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව එම වර්ගයේ බොර තෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 108.17ක් ලෙසයි.
