රාජගිරියේදි අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් රිමාන්ඩ්

News Express
1 Min Read

රාජගිරිය මැද වැලිකඩ පාරේ පිහිටි ස්ථානයකදී අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් පිරිස රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ සැකකරුවන් ඊයේ (03) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ආර්.ඩී ජනක මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

නීතිවිරෝධී මූල්‍ය ජාවාරම් සහ නීති විරෝධී ක්‍රියාකාරකම් සිදු කිරීමේ චෝදනාව මත මෙම පිරිස රාජගිරිය මැද වැලිකඩ පාරේ පිහිටි මහල් නිවාසයකදී අත්අඩංගුවට ගනු ලැබූ අතර එලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ විදෙස් ජාතිකයින් 120කි.

එම පිරිස අතරට චීන, වියට්නාම, මැලේසියා, මැඩගස්කර්, පිලිපීන, තායිලන්ත, කාම්බෝජය වැනි රටවල් නියෝජනය කරන පිරිස් සිටින බවද සඳහන්ය.

එහිදී ඔවුන් සතුව තිබූ පරිගණක සහ ජංගම දුරකථන රැසක්ද මෙහිදී පොලිස් භාරයට ගෙන තිබුණි.

සැකකරුවන් පිරිස අදාළ මහල් නිවාසයේ මහල් කිහිපයක් කුලී පදනම මත ලබා ගනිමින් නැවතී සිට මෙම කූඨ ව්‍යාපාරය සිදුකරගෙන ගොස් ඇති බවත් අනාවරණය විය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ සැකකරුවන් පිරිස එළැඹෙන 06 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *