ඩොලරයේ විකුණුම් මිල රු. 331 ඉක්මවයි

News Express
1 Min Read

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල විනිමය අනුපාතිකයන්ට අනුව, අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද (15) රුපියල් 331.15 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙය 2023 දෙසැම්බර් 22 වැනිදායින් පසු වාර්තා වූ ඉහළම අගය ලෙසයි සටහන් වෙන්නේ.

එදින ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 331.30 ක් ලෙසයි.

පසුගිය කාලසීමාව තුළ සාපේක්ෂව ස්ථාවර මට්ටමක පැවති ඩොලරයේ අගය මෙලෙස යළිත් රුපියල් 331 සීමාව ඉක්මවා යාම කැපී පෙනෙන සිදුවීමක් බවයි ආර්ථික විශ්ලේශකයින් පවසන්නේ.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *