සයිබර් අපරාධ වැඩිවීමට ප්‍රධාන හේතුවක් වන්නේ, රජය විසින් වීසා ප්‍රතිපත්තිය ලිහිල් කිරීමයි -මුජිබර් රහුමාන්-

News Express
1 Min Read

මේ වන විට මෙරට තුළ සිදු වන සයිබර් අපරාධ ඉහළ යාමට රජය ගත් ඇතැම් ප්‍රතිපත්තිමය තීරණ හේතු වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, රජය විසින් මෙරට වීසා ප්‍රතිපත්තිය ලිහිල් කිරීමට කටයුතු කිරීම නිසා විදේශීය රටවල් බොහොමයකට On-arrival Visa පහසුකම හිමි වී ඇති බවයි.

මේ හේතුවෙන් ගුවන් තොටුපොළට පැමිණි විගස වීසා බලපත්‍ර ලබාගත හැකි බැවින්, සයිබර් අපරාධකරුවන් බහුතරයක් මෙම ක්‍රමවේදය ඔස්සේ මෙරටට පැමිණ ඇති බව ද ඔහු පෙන්වා දුන්නා.

ජනවාරි මාසයේ පළමුවැනිදා සිට මේ දක්වා කාලය තුළ පමණක් සයිබර් වංචාවන්ට සම්බන්ධ විදේශිකයන් 650 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, එය 2025 වසර සමඟ සැසඳීමේදී 50% ක කැපී පෙනෙන වර්ධනයක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *