පල්ලේගම හේමරතන හිමියන් අටමස්ථානාධිපති ධූරයෙන් හා නුවර කලාවේ ප්‍රධාන සංඝනායක ධූරයෙන් තාවකාලිකව ඉවත් කිරීමට මල්වතු මහා විහාරීය කාරක සංඝ සභාව තීරණය කර ඇත.
මල්වතු මහා විහාරීය කාරක සංඝ සභාව නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳව සඳහන් කර ඇත.
එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, පල්ලෙගම හේමරතන හිමියන්ට එරෙහිව දැනට පවතින අධිකරණ කටයුතු අවසන් වී ඒ පිළිබඳ අවසන් තීරණයක් ලැබෙන තෙක් උන්වහන්සේව එම ධූරවලින් ඉවත් කරන බව ය.
එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව පවතින චෝදනා සම්බන්ධයෙන් මල්වතු මහා විහාරීය ගරුතර කාරක මහා සංඝ සභාව විසින් ඊයේ (මැයි 30) අදාළ පාර්ශවයන් ද කැඳවා කරුණු විභාග කළ බව ය.
ඒ අනුව, පුරප්පාඩු වූ අටමස්ථානාධිපති ධූරයේ තාවකාලිකව කටයුතු කිරීම සඳහා ඊතලවැටුණුවැවේ ඤාණතිලක හිමියන් පත් කර ඇති එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
