2025 වසරේ සිට මේ දක්වා වනාන්තර 81ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කෙරේ

News Express
1 Min Read

2025 වසරේ ආරම්භ කෙරෙුණු වනස්පති වැඩසටහන යටතේ මේ දක්වා වනාන්තර 81ක් රක්ෂිත ලෙස ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශයට පත් කර තිබේ.

එමෙන් ම, විශේෂ සංවේදී කලාපයක් වන රිටිගල, අලියාවැටුණවැව, බුලාගල, කෝන්කැටියාව සහ කල්ලන්චි වනාන්තර එළැඹෙන ජුනි 5 වන දා රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි අද (ජුනි 1) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව සඳහන් කළේ ය.

ඒ අනුව, මෙම රක්ෂිත 5ක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සමස්ත රක්ෂිත ප්‍රමාණය 86ක් දක්වා ඉහළ යනු ඇත.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *