රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර ඇති වර්ජනය අද උදෑසන අටට අවසන් කරනවාද නැද්ද යන තීන්දුව උදෑසන රැස්වී තීරණය කරන බව එම සංගමය ප්‍රකාශ කළා.
වෛද්‍ය වර්ජනය අවසන් කිරීම සඳහා සාකච්ඡා කිරීමට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සට උදෑසන 8 වනතුරු කල් ලබාදෙන බවයි ඔවුන් සදහන් කළේ.
ස්ථාන මාරු ක්‍රියාවලියට නිසි විසඳුම් ලබා නොදීමට විරෝධය පළ කරමිනුයි රජයේ වෛද්‍යවරුන් මෙලෙස වර්ජනයේ නිරත වන්නේ.
එවන් පසුබිමක වෛද්‍යවරුන් ආරම්භ කර ඇති මෙම වර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල්වලට සේවා ලබාගැනීමට පැමිණි රෝගීන් පත්ව සිටින්නේ දැඩි අපහසුතාවකටයි.
මේ අතර, මධ්‍යම පළාතේ රජයේ සෞඛ්‍ය සේවා ගිලන් රථ හා ප‍්‍රවාහන රියදුරන් අද සිට වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.
