IPL තරගාවලියේදි ඒශාන් මාලිංගගෙන් සුපිරි පන්දු යැවීමක්

News Express
1 Min Read
IPL තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩයමට එරෙහිව ඊයේ (21) පැවති තරගයේදී සන් රයිසස් හයිද්රාබාද් කණ්ඩායම නියෝජනය කළ ශ්රී ලංකාවේ එෂාන් මාලිංග සිය විස්සයි විස්ස හොඳම පන්දු යැවීම වාර්තා කරමින් එම කණ්ඩායමේ ජයග්රහණය තහවුරු කිරීමට සමත් වුණා.
ඒ ලකුණු 32ට කඩුලු 4ක් දවා ගනිමින්.
ඒ සමගම එෂාන් මාලිංග මෙවර IPL තරගාවලියේ කඩුලු 12ක් දවා ගනිමින් වැඩිම කඩුලුලාභීන් අතර දෙවන ස්ථානයේ පසුවනවා.
මෙම තරගයේදී පළමු වරට IPL වරම් හිමිකර ගත් ඩිල්ෂාන් මදුසංක ද සන් රයිසස් හයිද්රාබාද් කණ්ඩායම වෙනුවෙන් එක් කඩුල්ලක් දවා ගත්තා.
ඔහු විසින් දවා ගත්තේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකගේ කඩුල්ල වීම විශේෂත්වයක්.
Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *