ඉරානයේ බලාගාර සහ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීම දින පහකට කල් දමන ලෙස තමන් හමුදාවට නියෝග කළේ යැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඔහු තවදුරටත් සඳහන් කර ඇත්තේ, මැද පෙරදිග යුද්ධය අවසන් කිරීම සඳහා එක්සත් ජනපදය සහ ඉරානය සාකච්ඡා පවත්වා ඇති බව ය.
TruthSocial හි සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
පැය 48 ක කාලයක් ඇතුළත හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් ඉරානයේ විදුලි බලාගාර ඇතුළු බලශක්ති මධ්‍යස්ථාන මුළුමනින්ම විනාශ කරන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් මාර්තු 21 වන දා සඳහන් කර තිබිණි.
ඊට පිළිතුරු වශයෙන් ඉරානය සඳහන් කළේ, අමෙරිකාව විසින් ඉරානයේ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළහොත් හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන් ම වසා දමන බව ය.
එමෙන් ම, පර්සියානු ගල්ෆ් කලාපය පුරා ඇති අමෙරිකානු කඳවුරුවලට විදුලිය සපයන බලාගාරවලට ප්‍රහාර එල්ල කරන බවට ඉරානය කළ තර්ජනයෙන් පසුව ට්‍රම්ප් මෙම පියවර ගෙන ඇත.
