හර්ෂණ සූරියප්පෙරුම අද COPF කමිටුව හමුවට පැමිණීම ගැන දැනුම් දී නැහැ – හර්ෂ ද සිල්වා –

News Express
1 Min Read

භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට සහභාගී වන බවට තමාට නිල වශයෙන් දැනුම් දී නොමැති බව එම කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා පවසනවා.

තමා ඒ පිළිබඳව නොදන්නා බවත්, තමාට ඒ පිළිබඳව දැනුම් දී නොමැති බවයි හර්ෂ ද සිල්වා විසින් X පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.

කෙසේ වෙතත්, අද දින පැමිණීමට නොහැකි බව පවසමින් ඔහු කළ ඉල්ලීම තමා පිළි නොගත් බව ද, කමිටුව සැලසුම් කළ පරිදි රැස්වන බව තමා විසින් ලේකම්වරයාට ලිඛිතව දැනුම් දුන් බවද සභාපතිවරයා පවසා සිටිනවා.

ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් අයථා ලෙස පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් ලබාදීම සඳහා භාණ්ඩාගාර ලේකම්වරයා සහ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අද පස්වරු 1.00 ට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ පෙනී සිටින බවට වාර්තා පළවීමත් සමඟ හර්ෂ ද සිල්වා මෙම අදහස් පළ කර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බැවින්, මැයි 05 වැනිදාට පසුව වෙනත් දිනයක් ලබා දෙන ලෙසට භාණ්ඩාගාර ලේකම්වරයා මීට පෙර ලිඛිතව ඉල්ලා තිබුණ ද, ඔහු අද දින කමිටුව හමුවට පැමිණෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *