ඉස්කෝලෙන් දෙන කෑම කෑ තෙලන්ගනා සිසුන් 100ක් රෝහලේ

News Express
2 Min Read
ඉන්දියාවේ තෙලන්ගනා ප්රාන්තයේ රජයේ පාසල් සහ නේවාසිකාගාර තුනක සිසුන් 100කට වැඩි පිරිසක් ආහාර විෂ වීමෙන් රෝගාතුර වී ඇති බව වාර්තා වනවා.
මෙම සිදුවීම් ජනවාරි 29 සහ 30 යන දින දෙක තුළ සංගාරෙඩ්ඩි, ඛම්මාම් සහ වනපාර්ති යන දිස්ත්රික්කවලින් වාර්තා වී තිබුණා.
සංගාරෙඩ්ඩි දිස්ත්රික්කයේ පසුගිය 29 වැනිදා, වෙන්කටාපූර් ගම්මානයේ රජයේ ප්රාථමික පාසලක සිසුන් 45 දෙනෙකු දිවා ආහාරය ලබා ගැනීමෙන් පසු අසනීප වුණා. පිළිගැන්වූ එක් ව්යංජනයකින් දුර්ගන්ධයක් වහනය වන බවට සිසුන් පැමිණිලි කළ ද, බලධාරීන් එය නොසලකා හැර ඇති බවයි එරට වාර්තාවල දැක්වෙන්නේ. පසුව වමනය සහ උදර වේදනාව ඇති වූ සිසුන් 23 දෙනෙකු රෝහල් ගත කර තිබුණා.
ඛම්මාම් දිස්ත්රික්කයේ ඊයේ බොඩියතන්ඩා රජයේ ප්රාථමික පාසලේ සිසුන් 38 දෙනෙකු ආහාර විෂ වීම හේතුවෙන් රෝහල් ගත කෙරුණා. ඔවුන් වමනය, පාචනය සහ උදර වේදනාව වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කළ අතර, ඉන් සිසුන් 10 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වෛද්යවරු පවසා තිබෙනවා.
වනපාර්ති දිස්ත්රික්කයේ ඊයේ රාත්රියේ දැරියන්ගේ නේවාසිකාගාරයක සිසුන් 32 දෙනෙකු රාත්රී ආහාරයෙන් පසු අසනීප වී තිබෙනවා. ඔවුන් එදින රාත්රියට ලබු ව්යංජනයක්, තක්කාලි රසම් සහ බිත්තර අනුභව කර තිබුණා. මොවුන් ගිලන් රථ මගින් දිස්ත්රික් රෝහලට ඇතුළත් කිරීමට නේවාසිකාගාර පාලිකාව පියවර ගෙන තිබෙනවා.
දිස්ත්රික් බලධාරීන් මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා වගකිවයුත්තන්ට එරෙහිව දැඩි ක්රියාමාර්ග ගන්නා බව ප්රකාශ කර ඇති බව සඳහන්.
මේ අතර, රෝහල් ගත කළ දරුවන්ගේ සුවදුක් බැලීමට ප්රදේශයේ දේශපාලන නායකයින් සහ නිලධාරීන් පැමිණි අතර එහිදී සුළු නොසන්සුන්කාරී තත්ත්වයක් ද ඇති වී තිබෙනවා.
Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *