ඔරියන් යානය පෘථිවි කක්ෂය පසුකර සඳට තවත් ළංවෙයි

News Express
1 Min Read
ARTEMIS – II’ මෙහෙයුම යටතේ ගඟනගාමීන් සිව්දෙනෙකු රැගත් ඔරියන් අභ්‍යවකාශ යානය පෘථිවි කක්ෂය වටා පැය 23කට වැඩි කාලයක් ගමන් කිරීමෙන් අනතුරුව මේ වනවිට සඳ වෙත ගමන් කිරීම ආරම්භ කර තිබේ.
නාසා ආයතනය අද (3) පෙරවරුවේ නිවේදනය කර සිටියේ, ඔරියන් යානයට දින 4කින් සඳට ළඟා වීමට අවස්ථාව උදාවන බවය.
අමෙරිකානු වේලාවෙන් බදාදා ආරම්භ වූ මෙම මෙහෙයුමට අනුව පෙර සැලසුම් කර තිබූ ලෙසම ගමන්මග සම්පූර්ණ කළ හැකිවුව හොත් ඔරියන් යානයට අප්‍රේල් 6 වනදා (අමෙරිකානු වේලාවෙන්) මිනිස් ඇසට කිසිදා නොපෙනෙන සඳෙහි අනෙක් පස වටා ගමන් කිරීමට අවස්ථාව උදාවේ.
වසර 50කට (1972න් පසු) වැඩි කාලයකට පසු සඳේ කක්ෂය වෙත සිදුකරන ප්‍රථම මිනිස් මෙහෙයුම මෙය වේ.
මෙම මෙහෙයුමේ මූලික අරමුණ ඉදිරි වසරවලදී සඳ මත මිනිසෙකු ගොඩබැස්වීමේ අනාගත මෙහෙයුම් සඳහා අවශ්‍ය පදනම සකස් කිරීමය.
ෆ්ලොරිඩාවේ කේප් කැනවරල් හි පිහිටි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අමෙරිකානු වේලාවෙන් පස්වරු 18:24 ට (ශ්‍රී ලංකා වේලාවෙන් බ්‍රහස්පතින්දා අලුයම 3:54 ට පමණ) මෙම යානය ගුවන්ගත කිරීම ආරම්භ විය.
දින 10ක මෙහෙයුමක් වන මෙය මෑත ඉතිහාසයේ සඳ ආශ්‍රිතව සිදු කෙරෙන තීරණාත්මකම මිනිස් මෙහෙයුම ලෙස සැලකේ
Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *