ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 පසුව වැසි

News Express
1 Min Read
උතුරු, උතුරු-මැද, මධ්යම, සඛරගමුව, ඌව සහ දකුණු පළාත්වල අද (07) ප.ව 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
හම්බන්තොට සහ අම්පාර දිස්ත්රික්කවල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකියි.
මධ්යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර සහ පොළොන්නරුව දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
දෘශ්ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සුර්යයා, අප්රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්රී ලංකාව ආශ්රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතින බව සඳහන්.
එමෙන්ම අද (07) දින දහවල් 12:13ට දෙහිවල, මහරගම, පන්නිපිටිය, පාදුක්ක, ඇහැලියගොඩ, මස්කෙළිය, සියඹලාණ්ඩුව සහ පොතුවිල් යන ප්රදේශ වලට හිරු මුදුන් වනු ඇති.
Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *