ජනාධිපතිවරයා සමග අනිද්දාට පෙර සාකච්ඡාවක් අවශ්‍ය බව ලංකා පාසැල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ලේකම් විරාජ් මනරංග පවසනවා.
ඔහු කියා සිටියේ අගහරුවාදා සාකච්ඡාවක් ලබාදෙන බවට ජනාධිපති අධ්යක්ෂ ජනරාල්වරයෙකු ඊයේ උපවාස භූමියට පැමිණ ප්‍රකාශ කළද ඊට පෙර මෙම සාකච්ඡාව නොදුනහොත් අනිද්දා දැවැත්ත විරෝධයක් කොළඹ දී සිදුකරන බවයි.
එමෙන්ම, ඔවුන් ආරම්භ කළ මාරාන්තික උපවාසය අද 06 වැනි දිනටත් ක්‍රියාත්මකයි.
මේ අතර, උපවාසයේ නිරත සංවර්ධන නිලධාරීන්ගේ සුවදුක් විමසීම සඳහා ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි එම ස්ථානයට පැමිණ තිබුණා.
එමෙන්ම, සංවර්ධන නිලධාරීන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳ දැනුවත් කිරීම සඳහා සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක් ඊයේ පස්වරුවේ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමි බැහැදුටුවා.
අනතුරුව එම පිරිස අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් බැහැදැක සිය ගැටලු පිළිබඳව දැනුවත් කළා.
