පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කවුද කියලා මාර්තු 31 රටටම හෙළි කරනවා – ගම්මන්පිල

News Express
1 Min Read

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කවුරුන්ද යන්න ඇතුළත් පර්යේෂණ ග්‍රන්ථයක් මාර්තු 31 වැනිදා එළිදක්වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

‘පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යාම’ නමින් මෙම පර්යේෂණ ග්‍රන්ථය නම් කර ඇති බවත්, සියලු සාක්ෂි සහිතව එය එළිදක්වන බවයි අද (16) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

මාලිමාව විසින් මතු කර ඇති සෑම කුමන්ත්‍රණ න්‍යායකටම මෙම ග්‍රන්ථය හරහා පිළිතුරු ලබා දෙන බවත්, සාරා ජස්මින් සහ ඇයගේ තුන්වන DNA පරීක්ෂණය ඇතුළු තවත් කරුණු රැසක් සම්බන්ධයෙන් විස්තරාත්මකව සාකච්ඡා කරන බවත් ඔහු සඳහන් කළා.

එසේම පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්දියාව, ඇමෙරිකාව හෝ ඊශ්‍රායලය සිටියා ද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත්, පාස්කු ප්‍රහාරයෙන් පසු දෙවන ප්‍රහාරය ලෙස දළදා පෙරහැරට ප්‍රහාරයක් එල්ල කිරීමට තිබූ සැලැස්ම සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් හෙළි නොවූ රහස් සහ ලේඛන ගණනාවක් මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් වන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *