මෙරට මත් ජාවාරමේ යෙදෙන සංවිධානාත්මක අපරාධකරුවන් 23ක් හඳුනා ගැනේ

News Express
1 Min Read
මෙරට මත්ද්රව්ය ජාවාරම සිදුකරන සංවිධානාත්මක අපරාධකරුවන් 23දෙනෙකු හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්ය ආනන්ද විජේපාල මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ මෙම සියලු ජාවාරම්කරුවන් මේ වන විට විදෙස් රටවල සැඟව සිටින බවය.
ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය නිරන්තරයෙන් විවිධ ක්රියාමාර්ග ගනිමින් සිටින බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම මෙම සංවිධානාත්මක අපරාධකරුවන්ට දේශපාලනඥයින් විසින් දිගින් දිගටම දායකත්ව ලබා දුන් අතර එය සියල්ලන්ම දන්නා ප්රසිද්ධ රහසක් වන බවද මහජන ආරක්ෂක අමාත්යවරයා පැවසීය.
එහිදී අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්ය ආනන්ද විජේපාල මහතා,
”අපි වැටලීම් දිගින් දිගටම කරනවා… සංවිධානාත්මක අපරාධකරුවන්ට දිගින් දිගටම දායකත්වය ලබා දුන්නේ දේශපාලනඥයින්.. ඒක ප්රසිද්ධ රහසක් ඒක කවුරුත් දන්නවා..මත්ද්රව්ය ජාවාරමේ ඉහළින්ම ඉන්නේ මේ සංවිධානාත්මක අපරාධකරුවෝ..මත්ද්රව්ය ජාවාරම සිදුකරන සංවිධානාත්මක අපරාධකරුවන් 23දෙනෙකු හඳුනාගෙන තියෙනවා..සියලු දෙනාම මේ වන විට විදෙස්ගත වෙලා ඉන්නේ.. මේ සියලු දෙනා ගැනම අපි හොඳ අධ්යනයකින් ඉන්නවා”
මේ අතර කුඩා කාලයේ ශාරීරික සහ මානසික හිංසනයන්ට ලක්වන ළමුන් ප්රචණ්ඩතවයට නැඹුරු වීම ඉහළ ප්රවණතාවක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා හා යොවුන් මනස පිළිබද විශේෂඥ වෛද්ය දර්ශනී හෙට්ටිආරච්චි මහත්මිය පවසයි.
ඇය පෙන්වා දෙන්නේ එවැනි දරුවන් මත්ද්රව්යවලට ඇබ්බැහි වීමේ ප්රවණතාවයක් ද පවතින බවය
Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *